පොදු ජන පෙරමුණේ මැයි දින උත්සවයට සහභාගී වීමේ අරමුණෙන් ගම්පහ ප්රදේශයේ සිට පැමිණි දෙදෙනෙකුට සිදු වූ අකරතැබ්බයක් වාර්තා වෙනවා.
ඔවුන් දෙදෙනා තවත් මිතුරෙකු සමඟ ත්රීවිලරයකින් පැමිණ ඇති අතර වාහනයේ එන අතරතුර ඔවුන් මධුවිතෙන්ද සප්පායම් වී තිබෙනවා.
රිය පැද වූ අනෙක් මිතුරා ඔවුන් දෙදෙනාව බොරැල්ලට ආසන්න ප්රදේශයකින් බස්සා ගොස් ඇති අතර රතු පාට කමිස හැඳගත් තරුණයින් පිරිසක් එම අවස්ථාවේදී එම ස්ථානයෙන් ගොස් තිබෙනවා.
තරමක් වැඩි වී සිහි විකල්ව සිට ඇති මොවුන් දෙදෙනා සිතා ඇත්තේ ,ඒ දුඹුරු පැහැයට හුරු කමිස ඇඳගෙන ගමන් කරනුයේ පොහොට්ටුවේ අයවලුන් බවයි.
ඒ අනුව ඔවුන්ද එම තරුණයින් පසු පසින් ගොස් ඇති අතර තමන් පැමිණ ඇත්තේ වැරදි රැළියකට බව ඔවුනට තේරුම් ගොස් ඇත්තේ පෙළපාලිය ආරම්භ කරමින් කෑ ගසා සටන් පාඨ කියනා විටයි .
Published in Gossip
More from GossipMore posts in Gossip »