Press "Enter" to skip to content

ලබන සතියේ ඉන්ධන මිලට සිදුවන්න යන දේ මෙන්න..

මෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක නව මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු සතියේදී ඉන්ධන මිල සංශෝධනය වේ.

ඒ අනුව තවත් දින දෙකකට පසුව එළඹෙන මැයි මාසයේ පළමු සතියේ දි ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ප්‍රදානමතම සාධකය ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක වත්මන් මිල වේ.

ඒ අනුව ගෙවුනු සතියේ බොරතෙල් බැරලයක පහළම අගය වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 81 ත්, 82 ත් අතර මිලකට අලෙවි වීම විශේෂත්වයක්.

මාර්තු මාසය පුරා බොරතල් මිල අඛණ්ඩව ඉහළ ගියද අප්‍රේල් මාසයේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

මෙම කරුණු අනුව ලබන සතියේ මෙරට තෙල් මිල ගණන් සුළු ප්‍රමාණයකින් හෝ අඩු විය යුතු බවට අනුමාන කෙරේ.