Press "Enter" to skip to content

ෂූටින් නිසා මම දවස් 41ක් එළිවෙනකම් නිදිවැරුවා.. රංගන ශිල්පිනියක් වගේම මම වෘත්තියෙන් ගුරුවරියක්..

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘වෙඩි නොවදින ළමයි’ සිනමා නිර්මාණය හරහා කළා ක්ෂේත්‍රයට දොරටු විවර කරගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ප්‍රබෝධිනී චන්ද්‍රසේන කියලා කියන්නේ. ඒ වගේම ඇය මෙම නිර්මාණයේ තාරුකාගේ චරිතයට තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඒ වගේම දැනට වෘත්තීයමය වශයෙන් ගුරුවරියක් විදිහට සේවය කරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට මේ චරිතය ලැබිලා තියෙන්නේ සරසවියෙන් ඉවත්වෙනවත් එක්කමයි. කැම්පස් එකේ සර් කෙනෙක් තමයි ඇයට මේ අවස්ථාව අරගෙන දීලා තියෙන්නේ. ඒ වගේම ඇයගේ රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි කියලත් ඇය කියනවා. මොකද ඇයත් හිතුවේ නැහැලු ඒ වගේ ප්‍රතිචාර ලැබේවි කියලා.

ඉතින් වෙඩි නොවදින ළමයි කියන්නේ ඇයගේ පළමු සිනමා අත්දැකීම. ඒ වගේම ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඉතින් නාට්‍ය හා රංග කලාව විෂයය තමයි ඇය උගන්වන්නේ. දැනට ඇය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. කොහොම නමුත් ඇයට වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගෙන තියෙන්නෙත් රංගනය කියන විෂයමයි. ඒ නිසා ඇය වෙනම වෘත්තියක යෙදෙන ගමන් කලා කටයුතු එක්ක මේ විෂයයන් දෙකම සමබරව කරගෙන යන්න කැමැතියි කියලත් ඇය කියනවා.

ඒ වගේම මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙද්දී රූගත කිරීම් වැඩිහරියක් සිද්ධවුණේ රාත්‍රි කාලයේදී කියලයි ඇය කියන්නේ. ඉතින් සවස 6.00 ට පටන් අරගෙන උදේ 6.00 වනතුරු ෂූටින් තිබුණා කියලත් ඇය කියනවා. මුලදී නම් හැමෝටම වගේ අපහසු කටයුත්තක් වුණාලු එකදිගට නිදිවරනවා කියන එක. නමුත් ඒකට හුරුවුණාට පස්සේ ඇයගේ පළමු අත්දැකීමත් එක්ක ඒක ඇයට අමුතු දෙයක් වුණා කියලයි ප්‍රබෝධිනී නම් කියන්නේ. ඒ වගේම රාත්‍රි 41 ක් ෂූට් කරනවා කියන එකම අමතක නොවන අද්දැකීමක් කියලත් ඇය කියනවා. ඒත් එක්කම දවස් 41 ක් එළිවෙනකම් නිදිවැරුවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

More from CinemaMore posts in Cinema »