Press "Enter" to skip to content

අනිවාර්‍යෙන්ම අසරණ වෙනවා…. දෙවනි විවාහයකට නම් යන් නෑ ජීවිතේදී… ඕක බලපාන්නේ ළමයට… නිලන්ති ඩිවොස් එක ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි…

නිලන්ති ඩයස් කියන්නෙ එදා රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්.

ඒ වගේම දැන් ඇය ආදරණීය අම්මා කෙනෙක්.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමග එක්වෙමින් ඇය දැක්වූ අදහස් තමයි මේ…

අම්මා කෙනෙක් දෙවැනි විවාහයකට යන එක ගැන ?
අනිවාර්‍යෙන්ම අසරණ වෙනවා. වගකීම ගොඩක් වෙලාවට අම්මට තමයි තියෙන්නෙ. මම ඒ ගැන හිතන්නවත් කැමැති නෑ. ඕක බලපාන්නේ ගොඩක් ළමයට තමයි. තාත්තා කියන කෙනා එක්කෙනයි. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන් වෙන්න කියලා මම කියන් නෑ. මම නම් කියන්නෙ එපා කියලයි. ආදරෙ තියෙන තැනා කැපකිරීමක් කරන්න ඕන. කාලයක් ගියාම ඒ දේ වෙනස් වෙන්න පුලුවන්. ඒකට ඉවසීම අනිවාර්‍යෙන්ම ඕනේ. ඊටපස්සෙ අපිට හොඳ කාලයක් එන්න පුලුවන්.. ඒ මොන දේ වුණත් බෙරේ බැඳගත්ත නම් කෝමහරි ගහගෙන යන්න ඕන.

අද වෙද්දි ලංකාවේ ඩිවෝස් වැඩි ඇයි ?
ඒ මම හිතන්නේ තේරුම් ගන්නෙ නැතිවීම තමා හේතුව. අපි පොඩ්ඩක් නැවෙන්න ඕන සමහාර ප්‍රශ්න වලදි.. ඉතින් මම නම් කැමති නෑ කවුරුත් ඩිවෝස් වෙනවට…

බැරි වෙලාවත් දෙවැනි විවාහයකට යන්න වුණොත් ඔබට ?
දෙවනි විවාහයකට නම් යන් නෑ ජීවිතේදී. අපේ හිත තමයි හැමදෙයක්ම. ළමයා ගැන හිතලා උනත් මට ඒ ගැන හිතන්න අමාරුයි.. තව කෙනෙක්ට මගේ දුවට තාත්තා කෙනෙක් වෙන්න බෑ..

–hiru

More from CinemaMore posts in Cinema »