Press "Enter" to skip to content

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවි ගමනට සමුදෙයි…

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂ 1946 ජනවාරි මස 09 වැනි දින මොරටුවේ දී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවා.

ඔහු අධ්‍යාපනය ලැබුවේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා මොරටු මහා විද්‍යාලයෙන් .

සිංහල සංගීත ලොවේ බයිලා ගායකයෙකු ලෙස කරළියට පැමිණි නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා,ලස්සනට පිපුණු වනමල්,කරුණා සුවඳ, සල්ලි මිටි ගණන්” ආදී ජනප්‍රියතම ගී රැසක් ඔහුගේ හඬින් ගැයුණා.

අභාවප්‍රාප්ත වන විට ගායන ශිල්පී නිහාල් නෙල්සන් 76 හැවිරිදි වියෙහි පසුවූවා.

More from CinemaMore posts in Cinema »
More from GossipMore posts in Gossip »