Press "Enter" to skip to content

ස්ටේජ් එක මැද සිංදුව කියාගන්න බැරිව කාංචනා අඬයි…. සිද්ධියෙන් පස්සේ හැගීම්බර සටහනකුත් තබයි

කාංචනා අනුරාධී කියන්නේ තරුණ පරපුරේ ඉතා ජනප්‍රිය ගායිකාවක්. පහුගිය දවසක ඇය අකරතැබ්බයකට මුහුණ දුන්නා.

ඒ සංගතී ප්‍රසංගයක් අතරතුර ගීතයක් ගායනා කර ගත නොහැකි තත්ත්වයට අසනීපවීම හේතුවෙන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය පසුව සමාජ මාධ්‍යයේ සටහනක් ද තබනවා.

මේ දවස මගේ සංගීත ජීවිතයේ මට කවදාවත් අමතක නොවන දවසක්. ප්‍රසංග තුනක ඉතාම අපහසුවෙන් ගීත ගායනා කල දවසක්. ( හිරු Mega Blast, ප්‍රහර්ශා ,Musical fantasy ) ගෙවෙන හැමදවසක්ම එක වගේ නෑ. පවතින කාලගුණික තත්වය නිසා හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වෙනදා මෙන් ගීත ගායනා කිරීමට තරම් මට ශක්තියක් නොතිබුණු අතර මා අසරණ වූ ඒ අවස්ථාවේ මාව අන් කවරදාටත් වඩා ආදරෙන් දරාගත් මගේ ආදරණීය රසික රසිකාවියන්ට මම හිස නමා ආචාර කරමි. ලෙඩ දුක් ගෙන දෙන මේ ශරීරය කෙතරම් දුර්වල වූවත් මගේ මුළු ආත්මයම ශක්තිමත් කලේ ඔබේ ආදරයයි. ඔබේ අත්පොලසන්නාදයයි. ඔබ හැමදෙනාටම බොහොමත්ම ස්තූතියී ! 🙏🏻🥺💖

එසේම එදින මට සහයෝගය දුන් @journeysl_official , @newsmusic_official , @line_one_ යන සංගීත කණ්ඩායම් වලට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.💖

මං ගැන හොයලා බලපු හැමදෙනාටම ගොඩක් ස්තූතියී ! ඉක්මනින්ම සනීප වෙලා එන්නම්… හැමදෙනාම මේ දින වල පැතිරෙන විවිධ ලෙඩ රෝග වලින් පරිස්සම් වෙලා ඉන්න 💖

මගේ ඇස් දිගේ මේ ගලා එන කදුළු
කියයි දහසක් කතා මුවින් මා නොකියූ
ආදරේ මේ තරම් හිසේ මගෙ පැළඳූ
ඔබ සැමට මියෙනතුරු ගයමි ගී මියුරූ..

I Love you all 🙏🏻💖

  • Kanchana Anuradhi –
More from CinemaMore posts in Cinema »