Press "Enter" to skip to content

රනිල් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ.

නව අග්‍රාමාත්‍ය රිෂී සුන්ක් මහතා සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය සඳහා අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රනිල් ජයවර්ධන මහතා 2022 සැප්තැම්බර් 6 වැනිදා සිට පරිසර ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

රනිල් ජයවර්ධන මීට පෙර 2020 මැයි සිට 2022 සැප්තැම්බර් දක්වා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු 2015 දී ඊසානදිග හැම්ප්ෂයර් හි කොන්සර්වේටිව් මන්ත්‍රීවරයා ලෙස එරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

රනිල් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා සම්භවයක් සහිත එංගලන්ත පුරවැසියෙකි.

  • Ada

Published in Gossip and Political