Press "Enter" to skip to content

නතාශා ලීක් කරයි

සුළඟක් වී මං යනවා” කියන ගීතයෙන් රටක්ම දැන අඳුනගත්ත ඇය, ඉන් අනතුරුව ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අප අතරට එනවා. මේ වෙනකොට තමන්ගේම කියන යූටියුබ් නාලිකාවකින් රසිකයින් හමුවට එන නාතාශා මෑතක ඇගේ අලුත්ම ගීතයත් එළිදැක්වුවා.

සමාජ මාධ්‍ය තුළත් ඇය ඉතාම සක්‍රීය චරිතයක්.

පසුගිය දවසක ඇය යූටියුබ් නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින්, ඇගේ විවාහය ගැන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා.

නතාශා සුදු වීමේ රහස

කවුරුත් මේක විශ්වාස කරන් නෑ කිව්වට.. මම ඉන්ජක්ෂන් ගහලා නෑ. නමුත් ගොඩක් අය එහෙම තමයි කියන්නෙ. මගේ පෙනුම මම ලබාගත්තේ ඉන්ජක්ෂන් ගහලා කියලනේ. මයිග්‍රේන්ඩ් තියෙනවා මට, අව්ව දැක්කත් ඇති. ඒක අවුල්. ඒ නිසා අව්වේ යන එක නවත්තලා සම ගැන හිතන්න ගත්තා. හැබැයි ඔක්කොම කළේ ස්වභාවික දේවල්. කහ, සුදු හඳුන්…. ඒ දෙක තමයි මම මූණට පාවිච්චි කළේ.

නාතාශාගේ විවාහ දවස ගැන

එදා වෙඩින් එකට ඇඳපු සාරි එක තාම මගේ ළඟ තියෙනවා. සාරි එකට ලක්ෂ 10ක මුදලක් ගියා. මුදලින් වන් මිලියන් විතර ගියා. බරින් ගත්තොත් කිලෝ 15ක් විතර බරයි, හෙඩ් ඩ්‍රස් එකයි දෙකම.. සාරි එකේ තිබුණු ඩයමන්ට්. ඒක දෙපාරක් ඉන්දියාවට යැව්වා වුවමනා විදිහට හදාගන්න. ඒක වටින දෙයක්. මගේ අතින් ගාණක් ගියේ නෑ ඇත්තටම. ඒක රූපලාවන්‍ය ශිල්පිනියටයි ක්‍රෙඩිට් ඔක්කොම හිමි වෙන්නෙ.

සැමියා ගැන

එයා බිස්නස් එකක් එහෙම කරගෙන ඉන්නවා. එයා දැන් මාත් එක්ක මුකුත් කරන් නෑ. මට මොකද එයාට ඕන් නැත්තම්.. හැමවෙලේම එකට ඉන්න ඕනිත් නෑනේ.

ලෝයර් කෙනෙක් වුණු හැටි

මම සීනියර් ලෝයර් කෙනෙක් යටතේ හිටියා. ඊටපස්සෙ ඔස්ට්‍රේලියා ගියා. එහේ මම වැඩ කළා. මට හම්බෙන ජොබ් එක අනුව. ඒක මාර වටින එක්ස්පීරියන්ස් එකක්. මම ගොඩක් මහන්සි වෙලා ලබාගත්ත දෙයක් මේක..

Published in Gossip and Uncategorized