
බ්‍රිතාන්‍යය විසින් හඳුනාගනු ලැබූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය යුරෝපා රටවල් බොහෝමයක මෙන්ම කැනඩාව සහ ජපානය යන රටවලින් ද වර්ථා වී තිබේ.
බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් හේතුවෙන් එම නව කොවිඩ් වෛරස ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය සහ ප්‍රංශයෙන්ද වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් ලබන සඳුදා සිට මාසයක කාලයක් සදහා විදේශිකයින්ට රට තුළට ඇතුළුවීමට ඉඩලබා නොදෙන බව ජපානය ප්‍රකාශ කර තිබේ. නව කොවිඩ් වෛරස ප්‍රභේදය පසුගිය සතියේ සොයා ගත් අතර ඒ සමග බොහෝ රටවල් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබුණි







Be First to Comment