Press "Enter" to skip to content

ජාතීන් අතර සමගිය ඇති කළ සුභූතිවංස හිමිගේ අපවත් වීම

උතුරු නැගෙනහිර ශාසනික, ජාතික අභිවෘද්ධිය උදෙසා මෙහෙවරක යෙදෙන අරිසිමල ආරණ්‍ය සේනාසන සංචිතයේ ශිෂ්‍ය භික්‍ෂු වහන්සේ නමක් වන පූජ්‍ය එළගම්මිල්ලව සුභූති වංස හිමි හදිසි අපවත් වීම පසුගියදා වාර්තා විය.

සිංහල ජනතාව හීන නැගෙනහිර පලාතෙ ශාසනික අභිවෘද්ධිය ඇති කරමින්ද, ජාතීන් අතර සමගිය ඇතිකිරිම වෙනුවෙන් කටයුතු කළ හිමිනමක් වෙනුවෙන් සියලු ජාතීන් ගෞරව කිරීම විශේෂත්වයකි.


යාන් ඔය රජ මහා විහාරස්ථානයේ අපවත් වී වදාල සුභූති වංස ස්වාමීන් වහන්සේගේ අවමංගල උත්සවයේදී සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජාතීන් එක්වූ අතර,

දේහය චිතකය වෙත රැගෙන යාමේදී සිංහල ගිහි පැවිදි පාර්ශව මෙන්ම අන්‍ය ආගමික නායකයන් ද උන් වහන්සේගේ දේහය කරමත තබා චිතකය වෙත රැගෙන යාම විශේෂිත අවස්ථාවක් විය.

ජාතීන් අතර අසමගිය ඇති වී රට තුළ අන්තවාදය ඉස්මතු වීමට ඉඩ නොදී සියලු ජාතීන් එකා මෙන් කටයුතු කර නිදහස් දේශයක් ගොඩනැගීම සදහා මෙම කටයුත්ත කළ

පනාමුරේ තිලකවංශ හිමියන් සහ දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් අගය කළ යුතුව ඇත.

More from GossipMore posts in Gossip »

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *