නව කොරෝනා වෛරසයේ ඇති විශේෂත්වය එය වේගයෙන් ව්‍යාපත්වීම බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම කොවිඩ් මර්දනය කිරීමට වැදගත්ම දෙයක් වන්නේ සත්‍ය හෙළි කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය.
“කොවිඩ් මර්දනයට තිබෙන වැදගත්ම දේ තමයි සත්‍ය හෙළි කිරීම. ඒක මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.
එසේම ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව තුළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවා ගිය බවත් ඔහු සඳහන් කළේය.
Published in Gossip
More from GossipMore posts in Gossip »