ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය ආරක්ෂිතභාවය සහ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ලංගම බස් රථ, පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම සේවාවන් රජය විසින් නිකුත් කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බවත් එය නිසි පරිදි සිදුවෙනවාදැයි සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
mawbima
Published in Gossip
More from GossipMore posts in Gossip »