කොවිඩ් – 19 වසංගතය මැඬලීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය පළ කිරීමක් ලෙස ලබන 11 වැනිද දින සිට තම සාමාජිකයන්ගේ දෛනික ආදායමෙන් රුපියල් 100 ක මුදලක් රජයට ලබාදීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ‘අරුණ’ ට පැවැසීය.
මේ වන විට ත්‍රිරෝද රථ රියැදුරන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම මෙන්ම ලීසිං පහසුකම් සැලසීම උදෙසාද රජය පියවර ගත් බැවින් ලක්ෂ අටහමාරක සාමාජික සංඛ්‍යාවක් සිටින තම සංගමයට රජයට මෙම දායකත්වය සැපයීමේ හැකියාව පවතින බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවට අවශ්‍ය වන තාක් එම මුදල ලබාදෙන බවද හෙතෙම කීවේය.
aruna
Published in Gossip
More from GossipMore posts in Gossip »