ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු , වයඹ හා ඌව පළාත්වලත් අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 කට වැඩි තරමක තද වැසි වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.