Covid-19 වෛරසය ආසාදනය වීමෙන් නමවැනියා ලෙස මියගිය මෝදර 52 හැවිරිදි මෝදර කාන්තාව රෝගය වැළඳී මසකට ආසන්න කාලයක් නිවසේ සිට ඇතැයි මේ වන විට හෙළිව තිබේ. ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇත්තේ රෝගය උත්සන්නවීමෙන් පසුව මීට දෙදිනකට පමණ ඉහතදීය.
එම කාන්තාව ඉකුත් අප්‍රේල් 26 වැනිදා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව මෝදර, මෙත්සඳ මහල් නිවාසයේ ජිවත්ව සිටි ඇති අතර ඇයට එම වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නොමැති බව එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ෂෙහාන් අතුකෝරළ මහතා කියා සිටී.
මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා එම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ස්ථාන කිහිපයක ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කළේය.
එමෙන්ම මේ වන විට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙක්ද එම කාන්තාව රෝහල් කරා රැගෙන ගිය අසල පිහිටි මහල් නිවසක පුද්ගලයෙක් ඇතුළු සාමාජිකයින් 09 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා පැවසීය.