Press "Enter" to skip to content

පළවන අසත්‍ය තොරතුරු ගැන නාවික හමුදාවෙන් පිළිතුරු

නාවික හමුදාව පිලිබඳව හා වර්තමානයේ පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් පදනම් විරහිත තොරතුරු රැසක් මේ වන විට සමාජගතව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සිදු කරන PCR පරීක්ෂණ නවත්වා ඇති බවට පළවන ප්‍රචාරණයන් අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ පිළිබඳව අප සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ අත්හිටුවීමක් කිසිසේත්ම සිදු කර නොමැති බවයි. ඇතැම් මාධ්‍යවල දක්වා තිබෙන සාවද්‍ය සංඛ්‍යා ලේඛන දත්ත පිළිබඳවද අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියා.

” නාවික හමුදාව PCR පරීක්ෂණ 1886ක් සිදු කර තිබෙනවා. එම කටයුතු සිදුකරනු ලබන වෛද්‍යවරුන්ගේ උපදෙස් හා නිර්දේශ මත තවත් ඉදිරියට එම පරීක්ෂණ සිදුකිරීම පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. මේ වනවිට වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන් 293 ක් හඳුනාගෙන තිබෙනවා. එම නාවික සෙබළුන් සමග සබඳතා පැවැත්වූ හා ඔවුන්ගේ පවුල් 141කට අදාළ සාමාජිකයින් 601ක් මේ වන විට සුරක්ෂිතව නිරෝදායනයට යොමු කර තිබෙනවා” නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ.