Press "Enter" to skip to content

2020 IPL ශ්‍රී ලංකාවේ පවත්වන්නැයි යෝජනාවක්

2020 ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය වෙත දැනුම් දී තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව ලොක්ඩවුන් කිරීමත් සමග IPL තරඟාවලිය කල් දමන්නට සිදු වුනා.

ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ අවදානම් තත්වය අඩු වුවහොත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ යෝජනාව කෙරේ අවධානය යොමු කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සඳහන් කරනවා.

දැනට සැලසුම් කර ඇති ආකාරයට තරඟාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දීය ක්‍රිකට් ආයතනයට සහ එහි අනුග්‍රාහකයන්ට ඩොලර් මිලියන 500ක පමණ පාඩුවක් සීදු වනවා.

එබැවින් 2009 දී දකුණු අප්‍රිකාව සිදු කලාක් මෙම් වෙනත් රටක තරඟාවලිය පැවැත්වීම වඩා යෝග්‍ය බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ ඔස්සේ රටට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද විශාල මූල්‍ය ප්‍රතිලාභයක් හිමි කර ගැනීමේ හැකියාව පවතිනවා.