ගත වූ පැය විසි හතර හමු වූ රෝගීන් 08 දෙනා සමඟ සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 198ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ සැක පලකරන්නේ, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් හය දෙනාට රෝගය වැළඳී ඇත්තේ එකම දුම්වැටි පානය කිරීමෙන් බවයි.
ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී සොයාගැනුණු කොවිඩ් නයින්ටීන් රෝගීන් 6 දෙනා ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ, එම පුද්ගලයින්, පසුගියදා සුදුවැල්ල ප්‍රදේශයේදී හොර පොල් කැඩීමට ගොස් හසුවූ පුද්ගලයා සමග එකම දුම්වැටිය බෙදාගෙන පානය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »