නව කොරෝනා වෛරසයට මුහුණ දීමට සහාය වීම සඳහා අයර්ලන්ත අග්‍රාමාත්‍ය තාඕසීචී ලියෝ වර්ඩ්කාර් පසුගිය මාසයේදී එරට වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ලියාපදිංචි වී තිබේ.
“වෛද්‍ය වර්ඩ්කාර් පසුගිය මාසයේදී වෛද්‍ය වෘත්තියට නැවත සම්බන්ධ විය. ඔහු තම පුහුණුවීම් විෂය පථයට අයත් ප්‍රදේශවල සතියකට එක් සැසියක් සඳහා එච්එස්ඊ [අයර්ලන්ත සෞඛ්‍ය සේවා විධායක] වෙත සිය සේවාවන් ලබා දී ඇත” යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
වරඩ්කාර් දේශපාලනයට පිවිසීම සඳහා වෛද්‍ය වෘත්තීය අත්හලේය.
ඒ අනුවට එරට වෛද්‍ය ලේඛණයෙන් ඔහුගේ නම 2013 දී ඉවත් කල අතර ඔහු 2017 වසරේදී අයර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.
“ඔහුගේ පවුලේ අය සහ මිතුරන් බොහෝ දෙනෙක් සෞඛ්‍ය සේවයේ නියුක්තව සිටිනවා. ඔහුට අවශ්‍ය වූයේ සුළු වශයෙන් හෝ උපකාරයක් කිරීමටයි.” යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.