Press "Enter" to skip to content

කිසිවකු නැති අවස්ථාවක නිවසට පැන පොලිස් නිලධාරියෙකු 13 හැවිරිදි දැරියකට අතවර කරලා

වයස අවුරුදු 13ක් වන පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ලද 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ වැඩතහනම් කර අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිස් කොස්තාපල්වරයා කිසිවකු නිවසේ නැති අවස්ථාවක නිවසට ගොස් මෙම 13 හැවිරිදි දැරියට අතවර කර ඇති බව මව විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වේ.
උපුටා ගැනීම – c news

More from GossipMore posts in Gossip »