Press "Enter" to skip to content

කොවිඩ් එන්නත ලබා ගත් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය ගැන කළ පැහැදිලි කිරීම

කොවිඩ් එන්නත ගැනීමෙන් පසු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, එම මරණ කොවිඩ් එන්නත නිසා සිදුවූ මරණ ලෙස සැලකිය නොහැකි බවය.

ඒවා එන්නත ගැනීමෙන් පසු සිදුවූ මරණ මිස එන්නත ගැනීම නිසා සිදුවූ ඒවා නොවන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එම මරණ සම්බන්ධයෙන් පරීක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »