Press "Enter" to skip to content

වේල්ලවීදියේ මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක්

වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (2 වැනිදා) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇත.

පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ සිරුරුදැයි තහවුරු කරගැනීමට විවිධ පුද්ගලයන් මෙම දුරකථන ඇමැතුම් ලබාදී තිබේ.

මෙරටින් මෙන්ම විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ.

මියගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද, බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා පොලිිසියට එවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (2 වැනිදා) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් ගලාවිත් ඇත.

More from GossipMore posts in Gossip »