Press "Enter" to skip to content

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමට වේවැලකින් දැරියකට පහර දීලා: දැරිය මිය යයි

අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි ප්‍රතිකාර සඳහා යොමු කළ මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි පවසා ඇයගේ මව විසින් අමනුෂ්‍ය දෝෂ සඳහා ප්‍රතිකාර කරන කාන්තාවක් වෙත දැරියව රැගෙන ගොස් ඇත.

අදාළ දැරියගේ නිවසට ආසන්න නිවසක කාන්තාවක් වෙත මෙලෙස දැරියව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහි දී අදාළ කාන්තාව විසින් දැරියට තෙල් සාත්තුවක් සිදු කර ඇති අතර අමනුෂ්‍ය දෝෂය දුරු කිරීමට යැයි පවසා දැරියට වේවැලකින් පහර දී තිබේ.

අනතුරුව දැරිය සිහිසුන්ව ඇති අතර ඇයව බියගම රෝහලට ඇතුළත් කර ඇත.

ඒ වන විටත් දැරිය මියගොස් ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දැරියට වේවැලකින් පහර දුන් කාන්තාව මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

More from GossipMore posts in Gossip »