Press "Enter" to skip to content

පාසල් සිසු සිසුවියන් 06කට කොරෝනා

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ එම දරුවන්ගේ දෙමාපියන් දසදෙනෙකුට ද කොවිඩ්-19 වෛදරය ආසාදනය වී ඇති බවයි.

කොවිඩ් ආසාදනය වූ එම දරුවන්ගෙන් තිදෙනෙකු බගවන්තලාව හොලිරොසරි දෙමළ විද්‍යාලයේ ඉගෙනු ලබන අතර, අනෙක් සිසුන් තිදෙනා කර්කස්වොල් වතු යායේ මැද කොටස් දෙමළ පාස‌ලේ ඉගෙනු ලබන අයවලුන් බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් සදහන් කරයි.

මේ හේතුවෙන් එම පාසල්වල ඉගෙනු ලබන අනෙකුත් දරුවන් අද දිනයේදී පාසල්වලට එවීමෙන් දෙමාපියන් වැලකී තිබේ.

More from GossipMore posts in Gossip »