Press "Enter" to skip to content

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

සිය සමුගැනීම පිළිබදව උපුල් තරංග ෆේස්බුක් ගිණුමේ සහ ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහනින් ඔහු සදහන් කර ඇත්තේ සෑම හොද දෙයකට අවසානයක් තිබිය යුතුය යනුවෙනි.

එම සටහන් පහතින්…

2005 වස‌රේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන උපුල් තරංග වසර 15ක කාලයක් තුළ එක්දින තරග 235කට සහභාගි වෙමින් ලකුනු 6915ක් රැස්කර ගෙන ඇති අතර, ඊට ශතක 15ක් හා අර්ධ ශතක 37ක් ඇතුළත් වේ.

එම වසරේදීම ටෙස්ට් වරම් හිමිකර ගත් උපුල් තරංග තරග 31කදී ලකුණු 1754ක් කරගෙන තිබේ.

ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් ඇතුළත් වේ.

More from GossipMore posts in Gossip »