Press "Enter" to skip to content

වැන්දඹු – අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයන්ට දැනුම් දීමක්

පැරණි අංක 82/83 හා (එම්/එෆ්) කාණ්ඩ යටතේ ලියාපදිංචි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

නැවත ලියාපදිංචි කිරීමේ කටයුතු ජූලි 31 දින දක්වා දීර්ඝ කර ඇති බව අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේකයක් මගින් උපදෙස් දී ඇත.

එසේම ජූලි මස 31 දිනෙන් පසු කරනු ලබන ඉල්ලීම් සහ පැරණි වැන්දඹු – අනත්දරු අංක ප්‍රතික්ෂ්ප කරන බවද ලේකම්වරයා සඳහන් කරනවා.