Press "Enter" to skip to content

ආසාදිතයින් නිවෙස්වල තැබීමේ අවදානම ඉහළට -GMOA

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින්ව දින කිහිපයක් හෝ නිවෙස්වල තැබීමෙන් සිදුවන්නේ රෝගය පිළිබඳ ඇති අවදානම අඩුවීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඒ හරහා වෛරස ව්‍යාප්තිය ඉහළ යන බවය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල රෝගීන්ට දින 5 -6ක් වැනි කාලයක් නිවෙස් තුළ සිටීමට සිදුවන බව ද පැවසු ඒ මහතා, අතරමැදි කොවිඩ් මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් තිබිය දී ඔවුන් ඒ වෙත යොමු නොකිරීම ගැටලුවක් බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“දැන් මේ ගෙවල්වල ඉන්න කොට ස්වභාවිකව වෙන දේ තමයි රෝගය පිළිබඳ තිබෙන අවදානම දවසින් දවස අඩුවේගෙන යනවා. රෝග ලක්ෂණ නැති වෙනකොට ඒ අය හිතනවා ඇත්තටම මගේ පීසීආර් වාර්තා හරි ද කියලා. එතකොට එක්කෙනෙක් රෝහල් ගත කරද්දි තවත් 4ක් 5ක් නිවෙස තුළ කොවිඩ් රෝගීන් කරලා ඉවරයි. ඒ නිසා මේකට නිශ්චිත වැඩපිළිවෙලක් කොළඹ හා අනෙක් දිස්ත්‍රික්කවල ආරම්භ කළ යුතුයි.“

More from GossipMore posts in Gossip »