තම බිරිඳගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඇයගේ නැගණිය බියවද්දා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමට සූදානම් වූ ස්වාමිපුරුෂයෙක් පැය 24ක් ගත වීමට පෙර පැහැරගෙන යන ලද කාන්තාව සමග පෙරේදා (07) දා රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහරගම පොලිසිය පවසයි.
මෙලෙස පැහැරගැනීමට ලක්වූ තරුණිය මිරිහාන, මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් තම මව සමග ඇරැුව්වල, පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තම සොහොයුරිය බැලීමට ගොස් එම නිවසේ නැවතී සිටියේදී සැකකරු විසින් මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ඇති බවත් වින්දිත කාන්තාව මිරිහාන ජුබිලි කනුව ප්‍රදේශයේ රසකැවිලි අලෙවි සැලක සේවය කරන අතර එම ආයතනයට සේවය සඳහා ඇරලවන මුවාවෙන් සැකකරු විසින් කුලී පදනම මත ලබාගත් සුඛෝපබෝගී මෝටර් රථයකින් මෙම කාන්තාව රැගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පැවසයි.
සේවා ස්ථානයේ වෙත රැගෙන යන බව පවසා මෝටර් රථයෙන් ගෙනගිය කාන්තාව ඇරැව්වල ප්‍රදේශයේ සිට පිලියන්දල දෙසට රැගෙන යමින් සිටියදී කාන්තාව විසින් සැකකරුට වැරදි මාර්ගයක ගමන් ගන්නා බව වටහා දීමේ දී මෝටර් රථය මාර්ගය පසෙක නවතා සැකකරු සන්තකයේ තිබූ තියුණු උල් පිහියක් රැගෙන ඝාතනය කොට සඟවා දමන බව පවසමින් බියවද්දා තරුණිය කොළඹ ප්‍රදේශයේ නගර කිහිපයකට ගෙන යමින් වාහනය තුළ රඳවාගෙන සිට ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පැවසීය.
තරුණිය පැය කිහිපයක් මෝටර් රථය තුළ තබා ගැනීමෙන් අනතුරුව සැකකරු විසින් පවසා ඇත්තේ අක්කගෙන් ලබාගැනීමට ඇති පළිය ඇයගෙන් ලබාගන්නා බවත් දින දෙකක් තුළ පැහැරගත් කාන්තාව විවාහ කර ගන්නා බවත් ඊට පෙර ලිංගිකව අඹුසැමියන් වශයෙන් සිටිනා බවත් සැකකරු ප්‍රකාශ කළ බව පැහැර ගත් කාන්තාව පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සටහන් ව ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු පැහැර ගත් කාන්තාව ද රැුගෙන රත්නපුර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණ උපකරණය ඔස්සේ වාහනයේ තිබෙන තැන සොයා ගත් පොලිස් නිලධාරීන් විසින් වහාම රත්නපුර ප්‍රදේශයට ගමන් කර සැකකාර පුද්ගලයා හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පැහැර ගත් කාන්තාවද එහි සිටි බව පොලිසිය පැවසයි.
සැකකාර තරුණයා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් කලක පටන් සැකකරු හා බිරිඳ අතර තිබෙන පවුල් ආරවුලකට පළිගැනීමක් වශයෙන් බිරිඳගේ නැගණිය පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කර මරා දැමීමට සැලසුම් කර ඇති බව අනාවරණය කරගත් බවද පොලිසිය පැවසීය.
සැකකරු (32* වියේ පසුවන එක්දරු පියෙක් බවත් මෝටර් රථය දෛනික කුලී පදනම මත රුපියල් 4000/=ක මුදලකට බොරලැස්ගමුවේ පිහිටි ආයතනයකින් ලබා ගෙන ඇති බවත් තාවකාලිකව පදිංචිව සිටින නිවෙසට ගෙවීමට තිබූ රුපියල් 25000/=ක කුලී මුදලද බිරිඳට පහර දී රැුගෙන විත් තිබූ බවත් තරුණයා කිසිදු රැුකියාවක් නොකරන බවත් බිරිඳ විසින් රැුකියාවක් කර උපයා ගන්නා මුදලින් ජීවත් වන බවත් සිදු කළ පාපොච්චාරණයේ දී සඳහන් කළ බවද පොලිසිය පැවැසීය.
තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් මෝටර් රථය හා උල් පිහියද සමග දණ්ඩ නීති සංග්‍රහයේ 357 වගන්තිය යටතේ බියවද්දා පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කිරීම යන වරද යටතේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ සෘජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක, උප පොලිස් පරීක්ෂක සිසිර, පොලිස් සැරයන් 8105 රත්නායක,43672 සුරංජිත්, 55871 ගාමිණි, කාන්තා පොලිස් සැරයන් 5497 දීපානී, පොලිස් කොස්තාපල් 65283 සරත්, 84742 ලක්ෂාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලබති.






