Press "Enter" to skip to content

මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමටත් පහසුකම්

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අක්‍රමිකතා අතරට පාතාල නායකයන්ට කම්සැප විඳීමට සැලැස්වීමද අයත් යැයි අනාවරණය වේ.

ඒ අනුව බන්ධනාගාර අධිකාරියේ කාර්යාලයට පාතාල නායකයන්ගේ බිරින්දෑවරුන් රැගෙන ඒමට අවසර දී ඇතැයි කරන ලද අභ්‍යන්තර විමර්ශනයකින් හෙළිවී ඇත.

මෙහිදී මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරියේ අවසරය මත කොණ්ඩ රංජි නමැති මත්කුඩු ජාවාරම්කරුට තම බිරිඳ සමග එම කාර්යාලයේ කාලය ගත කිරීමට ඉඩ ලබාදුන් ඡායාරූප බුද්ධි අංශ විසින් මේ වනවිට සොයාගෙන තිබේ.

කොණ්ඩ රංජි දැනට බන්ධනාගාර ගතව මත්කුඩු ජාවාරම් මෙහෙය වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරන්නේ මෑතකදී මීගමුවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ සියයකට අධික ප්‍රමාණයක් ගැන විමර්ශන කිරීමේදීය.

මේ ජාවාරමට කොණ්ඩ රංජිගේ බිරිඳ ද සම්බන්ධ බවට ලද තොරතුරු මත ඇය සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද විමර්ශන අරඹා තිබේ.

හිටපු බන්ධනාගාර අධිකාරියේ කාර්යාලයේ සිට රංජි හා බිරිඳ ගත් ඡායාරූප මෙන්ම මීගමුව බන්ධනාගාරයේ සුපිරි ගණයේ මත්පැන් සාද පැවැත්වීම සම්බන්ධව වූ ඡායාරූප හා වීඩියෝ සම්බන්ධව ද ඉහළ පෙළේ පරීක්ෂණයක් ඇරඹී ඇත.

More from GossipMore posts in Gossip »