Press "Enter" to skip to content

ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.

එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .

මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බව පැවසේ.

දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.