සුරියවැව ප්‍රාදේශීය රෝහලට අනුයුක්ත කර සිටින හදිසි මරණ පරීක්ෂකවරයාට එම රාජකාරීය සිදුකිරීමට නිසි ස්ථානයක් නොමැති බව ඔහු පවසයි.
එබැවින් හදිසි මරණ පරීක්ෂණ මෘත ශරීරාගාරය ආසන්නයේ ගසක් යට සිදුකිරීමට සිදුව ඇති බව හදිසි මරණ පරීක්ෂක විදානගමගේ විජේදාස මහතා කියා සිටියේය.
රාත්‍රී කාලයේ දී ආලෝකය නොමැතිකමින් ඔහුට සිය රාජකාරී කටයුතු කිරීමට සිදුව ඇත්තේ, ගිනි මැලයක ආධාරයෙනි.
“මෝචරියේ කොහොම ද මහත්තයෝ ළඟ ඉන්නේ. ළඟ තියා මේ කිට්ටුවේවත් මනුස්සයෙක්ට ඉන්න බැහැ. ඉතින් මම කොහේහරි ගහක් යටට ගිහින් තමයි රාජකාරිය කරන්නේ. “
කෙසේවෙතත් අප කළ විමසීමක දී සුරියවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්.එච්.මහින්දරත්න මහතා පවසා සිටියේ, තමාට ඒ පිළිබඳ ව විසඳුමක් ලබාදිය නොහැකි බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි මරණ පරීක්ෂකවරයාට රාජකාරී කිරීමට ස්ථානයක් වෙන්කර දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන්නේ නම් ඒ අනුව ක්‍රියාකළ හැකි බව ද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.






