Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු ඉතා ආසාද්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකු ඉතා ආසාද්‍ය තත්ත්වයෙන් ගාල්ලේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කර සිටියේ වෛරසය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන වෛද්‍යවරයා සඳහා අවශ්‍ය ප්‍රතිකාර වැඩි කිරීමට ගාල්ල කරාපිටිය රෝහලේ බලධාරීන් සමග එක්ව කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසය පරාජය කළ හැක්කේ රජය, සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාවගේ ඒකාබද්ධ උත්සාහයෙන් පමණක් බවයි මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

More from GossipMore posts in Gossip »