Press "Enter" to skip to content

පාසල් සිසුන් 70 කට කොවිඩ්

සමස්තයක් වශයෙන් පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොවිඩ් වයිරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර අහඹු ලෙස සිසුන් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු යැයි ද ඒ මහතා පවසයි. මාර්තු මස පළමු වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන හෙයින් එම පරීක්ෂණ කඩිනම් කළ යුතු බවත් සඳහන් කරන හෙතෙම මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද කීවේය.

More from GossipMore posts in Gossip »