Press "Enter" to skip to content

විවාහ මංගල්‍යක් අතරතුර කල ඇන්ටිජන් පරික්ෂාවෙන් ශාලාවේ සේවකයින් 12කට කොවිඩ්

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 12 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (24) දින 150දෙනෙකු සහභාගී වූ විවාහ මංගල්‍යක් එම උත්සව ශාලාවේ පවත්වා ඇති අතර එම උත්සවය අතරතුර සේවක පිරිසට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදු කර ඇත.

උත්සව ශාලාව පරිශ්‍රයේ සිදු කෙරෙන නව ඉදි කිරීම් ගොඩනැගිල්ලක කම්කරුවන් පිරිසක් ද එම අවස්ථාවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණද එම කම්කරුවන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

ආසාදිත පුද්ගලයන් අතර උත්සව ශාලාවේ කළමනාකරු හා ප්‍රධාන සූපවේදියා ඇතුළු සේවකයින් 12දෙනෙකු රැපිඩ් පරීක්ෂාවෙන් හදුනාගැනීමට හැකි වී ඇත.

උත්සව ශාලාවේ විවාහ මංගල්‍යට පැමිණි පිරිස මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් බැවින් ඒ පිළිබදව එම කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ආසාදිත සේවක පිරිස හමුවූ අලුත්ගම ප්‍රදේශයේ උත්සව ශාලාව සෞඛ්‍ය උපදෙස් මත වසා දැමීමට කටයුතු කරන්නැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ බවත් වාර්තා වේ.

More from GossipMore posts in Gossip »