Press "Enter" to skip to content

ධම්මික පැණිය බීපු සෞඛ්‍ය ඇමතිවරියටත් කොවිඩ්

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව බී.බී.සී සිංහල සේවය පවසයි.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පැවසු බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයවීමට තීරණයකර ඇති බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍ය අමාත්‍යවරියව සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

අමාත්‍යවරියගේ ආරක්ෂක අංශ සඳහන් කළේ එවැනි සිදුවීමක් පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවය.

More from GossipMore posts in Gossip »