Press "Enter" to skip to content

කොරෝනා අසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකු යාළුවන්ගේ කොන් කිරීම් හමුවේ සියදිවි නසාගෙන

කොරෝනා වැලඳී හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලබා පැමිණි අයකු අතුරුගිරිය සතිපොළේ ගොඩනැඟිල්ලක බාල්කයේ එල්ලී සියදිවි නසාගෙන තිබේ. පසුගිය 16 වැනි සෙනසුරාදා අතුරුගිරිය පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම සිරුර සොයාගෙන ඇත.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ අතුරුගිරිය සතිපොළේ තාවකාලික කම්කරුවකු ලෙස වැඩ කළ අයෙකි.

තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය අතුරුගිරිය පොලිසියේ සහාය ඇතිව මළසිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර තමන්ට කොරෝනා වැලඳීම නිසා සතිපොළේ අය ඔහුව කොන් කිරීම හේතුකොටගෙන ඔහු සිත්තැවුලෙන් පසුවූ බව මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි මත හෙළි විය.

මෙම තැනැත්තා තම විවාහක බිරියගෙන් වෙන්වී සතිපොළේම නවාතැන් ගෙන සිටි අයෙකි. ඔහු අතුරුගිරිය, ගල්පොත්ත පාරේ පදිංචි අයෙකි. කොරෝනා රෝගීන් සුව වී පැමිණි පසු ඔවුන් කිසිවිටක අවතක්සේරුවට ලක් නොකළ යුතු යැයි මරණ පරීක්ෂකවරිය ප්‍රකාශ කළාය. අතුරුගිරිය පොලිසියේ පො.සැ. රුවන් (61105) මහතා පරීක්ෂණ මෙහෙයවීය.

More from GossipMore posts in Gossip »