Press "Enter" to skip to content

පුත්තලම-මහනුවර බස් රථයේ රියදුරුට කොරෝනා

පුත්තලම ලංගම ඩිපෝවේ පුත්තලම-මහනුවර බස් රථයේ සේවය කළ රියදුරු කෝවිඩ්-19 ආසාධිතයකු බවට අද (17) සනාථ වී ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.

අදාල රියදුරා 12 වැනිදා රාත්‍රීයේ උණ හා රෝග ලක්ෂණ රැසක් මතු කිරිමත් සමග පුත්තලම මුලික රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර තිබුණි.

එහිදී සිදුකළ ජෛව පටල සාම්පල පරික්ෂාවකදී අදාල රියදුරුවරයා ආසාධිත බවට සනාථ වී තිබුණි.

මෙම රියදුරුවරයා පසුගිය 10 වැනිදා වනතුරු පුත්තලම-මහනුවර බස් රථයේ සේවය කර ඇති බවද වාර්තා වෙයි.

අදාල රියදුරු වාරියපොල පදිංචිකරුවකු වන අතර මෙම රියදුරු ඇසුරුකළ ආශ්‍රිතයින් සොයා ගැනිමට සෞඛ්‍ය අංශ පරික්ෂණ අරඹා තිබේ.

මෙයට පෙර පුත්තලම ඩිපෝවේ මන්නාරම-කොළඹ ධාවනය වු බස්රථයේ කොන්දොස්තරවරයා පසුගිය 11 වැනිදා කොවිඩ් ආසාධිත වී තිබුණි.

ඒ සමගම මෙම කොන්දොස්තරවරයා ඇසුරුකළ රියදුරන් හා කොන්දොස්තරවරුන් 44 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

More from GossipMore posts in Gossip »