Press "Enter" to skip to content

කේරල ගංජා , උපත් පාලන කොපුත් එක්ක හිඟුරක්ගොඩ ෆේස්බුක් සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් 52ක් කොටුවෙයි

සමාජ ජාල මාධ්‍ය මඟින් සංවිධානය වී හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ සාදයක් අද (17) පස්වරුවේ වටලා තරුණ තරුණියන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 13 දෙනෙක් සහ තරුණයින් 39 දෙනෙකු සිටින බවයි මැදිරිගිරිය පොලිසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ උපත් පාලන කොපු සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් අත්අඩංගුවට ගත් 52 දෙදෙනා අතරින් 49 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර කේරල ගංජා සන්තකයේ තබාගත් තිදෙනෙකු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මොවුන් ලබන 19 වනදා හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

More from GossipMore posts in Gossip »