Press "Enter" to skip to content

ගණිකාවන් බහුතරයකට කොරෝනා; බුද්ධි අංශයත් ගණිකා මෙහෙයුම්වල

අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගෙන ගණිකා වෘත්තීයේ යෙදෙන සුරූපී කාන්තාවන් 235 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් බුද්ධි ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ගණිකා වෘත්තීයේ යෙදුණු තරුණ කාන්තාවන් 20 දෙනකු මේ වන විට ද අත්අඩංගුවට ගෙන සිටින බව මෙම වැටලීම ක්‍රියාත්මක කළ බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. ආර්. ලක්ෂ්මන් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

වෙබ් අඩවියක් ඔස්සේ මෙම කාන්තාවන් ගනුදෙනුකරුවන් සොයාගෙන ඔවුන් කැඳවාගෙන යන ලැගුම්හල් 15 ක් පිළිබඳව ද පොලිසිය මේ වනවිට තොරතුරු සොයාගෙන ඇති අතර එම ස්ථාන වැටලීමට ද පුළුල් විමර්ශන සිදු කරන බව පැවසේ.

අන්තර්ජාලය ඔස්සේ මෙම ගණිකාවන් සමග සම්බන්ධතා පැවැත්වීමට පාසල් වයසේ තරුණ පිරිමි දරුවන් ද සම්බන්ධ වී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර තරුණ පිරිමි දරුවන් මෙම වෙබ් අඩවිය ඔස්සේ ගණිකාවක් තෝරාගෙන ඔවුන් ඇසුරුකිරීමට පෙළඹී ඇති බව ද පොලිසිය පවසයි.

මීට දින කීපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේදී පාසල් වියේ පිරිමි දරුවකු ගණිකාවක සමග සම්බන්ධ වී ඇති අතර මුදල් ප්‍රශ්නයක් නිසා එම දරුවා ගණිකාවගෙන් මිදී පළායන්නට උත්සාහ කිරීමේදී ගොඩනැඟිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබිණි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කතා කරගෙන ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුට විවිධ සමාජ රෝග මෙන්ම කොරෝනා වෛරසය ද වැළඳී ඇති බව පොලිසිය කියා සිටි.

වෙබ් අඩවියක් ඔස්සේ කෙරෙන මෙම ජාවාරම නතරකිරීම සඳහා පොලිසිය මේ වනවිට අධිකරණයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. ඩබ්ලිව්. පුෂ්ප කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. ආර්. ලක්ෂ්මන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

More from GossipMore posts in Gossip »