Press "Enter" to skip to content

ඔන්ලයින් ඕඩර් වලට කාන්තාවන් සපයන බියගම මසාජ් ක්ලිනික් එක වටලයි

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් පෙරේදා පස්වරුවේ වටලා ඇතැයි බියගම පොලිසිය පවසයි.

ඒ සමගම එහි සිටි කළමනාකාරිණිය හා කාන්තාවක අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරික්ෂක අතුකෝරල හා සැරයන් චන්දන (63767) යන නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා මේ වැටලීම සිදු කළ බව පොලිසිය කියයි..

කළමණාකාරිණිය දෙමටගොඩ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්.

කාන්තාවන්ගේ පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සම්බාහන මධස්ථානයට ඇතුළත් විය යුතු බවත්, ඉන්පසුව එම තෝරාගන්න කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

More from GossipMore posts in Gossip »