Press "Enter" to skip to content

ලේ දන් දුන් පිරිසකටත් කොරෝනා

ගම්පහ මෝරුපොල ප්‍රදේශයේ පසුගිය (03) දා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර එහිදී ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.මේ අනුව එම රුධිරය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ මහතා පවසයි.

එම ආසාදිතයින් අතර එකම පවුලේ තිදෙනෙකු සහ තවත් අයෙක් සිටින බවයි වාර්තා වේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් වන ප්‍රදේශයේ තවත් පවුල් 19ක සාමාජිකයින් 100 දෙනකු පමණ නිරෝධායනයට ලක් කර ඇත.

මෙම ලේ දන්දීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පෙර දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවද වාර්තාවේ.

More from GossipMore posts in Gossip »