Press "Enter" to skip to content

දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ්

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවය.

රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.

More from GossipMore posts in Gossip »