Press "Enter" to skip to content

ආසාදිතයන් ගණන අඩුකරගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක්

කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛරස ආසාදිතයන් ගණන අඩුකරගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

පරීක්ෂණ අඩුවෙන් සිදු කර රෝගීන් ගණන අඩු කරගන්නේ නම් එය බෝම්බයක් උඩ සිටීමක් හා සමාන බවද ඔහු කියා සිටියේය.

දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු බවට දැනුම් දී තිබිය දී මේ දිනවල එය දහදාහක් අඩු මට්ටම පහත වැටී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

හැකිතාක් පරීක්ෂණ තවදුරටත් ඉහළ නංවමින් රෝගීන් හඳුනා ගත යුතු බවත් නැතහොත් ඉදිරියේ දී ආසාදිතයන් තවත් වැඩි විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

More from GossipMore posts in Gossip »