Press "Enter" to skip to content

සීයා සහ 14 හැවිරිදි මුණුපුරා එක් වී අවුරුදු 07 ක දැරියක් දුෂණය කරලා

වයස අවුරුදු 07 ක් වූ දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකරන ලදැයි කියමින් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 60 හැවිරිදි සීයා 14 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්‍ෂ 02 ක ශරිර ඇපමත මුදාහරින ලෙසත් කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය නියම කළාය.

තවත් ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටි දැරිය නිවසට කැඳවාගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. දැරිය තම රහස් ප‍්‍රදේශයේ වේදනාවක් ඇති බව මවට ප‍්‍රකාශ කර ඇති අතර මව කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම සීයා සහ මුනුබුරා ඇයට ලිංගික අතවර සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව මව කළ පැමිණිල්ල අනුව පරීක්‍ෂණ පැවැත් වූ දකුණු කළුතර පොලිසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරිය විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ. කළුතර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නයනජිත්, උප පොලිස් පරීක්‍ෂක ෆොන්සේකා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත් වූ අතර, සැරයන් (55301) ගුණේන්‍ද්‍ර මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

More from GossipMore posts in Gossip »