Press "Enter" to skip to content

ෆයිසර් එන්නත විදීමෙන් පසු සෞඛ්‍ය සේවිකාවක් මිය යයි

කොරෝනා මර්දන ෆයිසර් එන්නත විදීමෙන් පසු පෘතුගාල සෞඛ්‍ය සේවිකාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘතුගාල මාධ්‍ය පැවසුවේ ෆයිසර් එන්නත විදීමෙන් පැය 48කට පසු ඇය හදිසියෙන්ම මියගිය බවයි.

සෝනියා ඇක්සිවෝ නමැති මෙම කාන්තාව දරු දෙදෙනකුගේ මවකි.

ඇගේ මරණයට මුල් වූ හේතූන් මෙතෙක් හෙළි වී නොමැති අතර ෆයිසර් එන්නත විදීමෙන් පසු ඇය යහපත් සෞඛ්‍ය තත්වයේ පසු වූ බව වාර්තා වේ.

මේ අතර ඇගේ මරණ පරීක්ෂණයට අදාළ තොරතුරු පෘතුගාල බලධාරීන් මෙතෙක් හෙළි කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටියි.

More from GossipMore posts in Gossip »