කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීමට නම් මිත්‍යා විශ්වාස පසුපස නොයා විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
සිය අමාත්‍යාංශයේදී නව වසරේ රාජකාරි කටයුතු අරඹමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාසයන් පසුපස හඹා යන ස්වභාවයක් දක්නට ලැබුණ ද, වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් සිදුකළ යුත්තේ විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමුකරමින් කටයුතු කිරීම බවයි.
එමෙන්ම සමාජය තුළ ප්රශස්ත ලෙස ප්රතිශක්තීකරණය පවත්වාගෙන යාමට නම් ජනගහනයෙන්, සියයට 70 කට එන්නත්කරණය සිදුකළ යුතු බව ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් එහිදී සඳහන් කළා.






