
කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තවීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ කටයුතු අඩපණ වී ඇත. අධ්යක්ෂවරුන් තිදෙනකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන්
එම අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මේ වන විට වසා දමා ඇත. අනෙක් දෙපාර්තමේන්තු මට්ටමින්ද අහඹු පී.සී.ආර්. පරීක්ෂණද ආරම්භ කර තිබේ.
අහඹු පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කරමින් පෙරේදා දිනයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජෛව සාම්පල ලබාගත් පුද්ගලයන් 5 දෙනකුගෙන් 4 දෙනකුටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති
බව අනාවරණය වීම සමග සමස්ත අමාත්‍යාංශයම කලබලයට ලක්ව ඇතැයි වාර්තා සඳහන් කරයි.
අමාත්‍යාංශ ගොඩනැගිල්ල මුළුමනින්ම වසා දැමීමට තවමත් තීරණයක් ගෙන නැතැයි සදහන් වේ.
අද දිනයේ උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ වර්ෂ ආරම්භයේ සිදු කෙරෙන අමාත්‍යාංශ සේවක ප්‍රතිඥා ලබාදීමේ
කටයුත්ත සුළු සේවක පිරිසක් සහභාගී කරවාගෙන පැවැත්වීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.





