Press "Enter" to skip to content

කොරෝනාවට එරෙහිව ආ අලුත්ම සොයාගැනීම

එක්සත් ජනපදයේ මෑත කාලීන පර්යේෂණ ප්‍රයත්නයක ප්‍රතිඵලවලින් සඳහන් වී ඇත්තේ කොරෝනාවට එරෙහිව ප්‍රතිවෛරස් කාරකයක් ලෙස බ්‍රෝමලේන් හෝ බ්‍රොමේලයින් පොහොසත් අන්නාසි කඳ භාවිතා කළ හැකි බවයි.

මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීමට සොයාගත් සංවර්ධනය කෙරුණු ඖෂධයකිනි.

එහිදී අන්නාසිවල තිබෙන එන්සයිමයක් භාවිත කර මෙම වෛරසය මානව සෛලවලට ආසාදනය වන ප්‍රේටීන් (ස්පයික් ප්‍රෝටීන්ස්) දිය කර හැරීමට අන්නාසිවල තිබෙන හැකියාව එම පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අන්නාසිවල තිබෙන එම එන්සයිමය භාවිත කරමින් නාසයට ඉසින දියරයක් ලෙස සැකසීමට මෙම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත. කොරෝනා වෛරසය නාසයෙන් උගුරටත්, ඉන් අනතුරුව පෙනහලුවලටත් ආසාදනය වීම වැළැක්වීම එමඟින් අපේක්ෂා කෙරේ.

More from GossipMore posts in Gossip »