Press "Enter" to skip to content

NB 9268 බස්රථයේ ගමන් කළ මගීන්ට පොලීසියෙන් නිවේදනයක්

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් පස්දෙනා අද (31) උදෑසන පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ.

එබැවින් එම බස් රථයේ ගමන්ගත් මගීන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම බස්රථය අද උදැසන 5.45ට පොළොන්නරුවෙන් කොළඹ බලා පිටත් වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මේ පැනගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අනාවරණය වී තිබෙනවා, ඔවුන් උදෑසන ගල්ලෑල්ලේ සිට පොළොන්නරුව බස්නැවතුම්පොළට පැමිණ ඇති බව. ඒ වගේම පොළොන්නරුව බස්නැවතුම්පොළෙන් උදෑසන 5.45ට පොළොන්නරුව – මාතර පුවරුව සහිතව පොළොන්නරුව සිට කොළඹ බලා පිටත් වු NB 9268 දරණ බස්රථයෙන් ගමන්කර ඇති බවට. මෙම බස්රථයෙන් ඔවුන් ගමන්කර තිබෙනවා කුරුණෑගල දක්වා. ඉන්පසුව කුරුණෑගලින් වෙනත් බස්වලට ගොඩ වී යන්නට ඇතැයි විශ්වාස කරනවා. වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගි කර ගන්නට ඇතැයි විශ්වාස කරනවා. පොළොන්නරුවෙන් එම බස්රථයේ ගමන් ගත් මගියෙක් නම් කරුණා කර ඔබ ස්වයං නිරෝධායනයට යොමුවන්න.“

More from GossipMore posts in Gossip »