Press "Enter" to skip to content

අධිකරණ අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම හා බලපෑම්වලට අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයෙන් විරෝධතාවක්

අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් අද (30) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙලෙස දැක්වේ.

“ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ස්වාධීන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛය ආමත්‍යාංශය විසින් කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීම පිළිබඳ තීරණය කිරීමට පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට මෑතක දී තර්ජනය කිරීමේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරු දැඩි ලෙස හෙළා දකියි.”

උපුටා ගැනීම lankadeepa,lk

More from GossipMore posts in Gossip »